Tuesday, March 13, 2012

මාව ගස් බැන්ද ආච්චි




මේ ලඟකදී ඔහේ ඉන්දැද්දී මතක් උනේ පොඩි කාලේ කරපු දඟ වැඩ ටිකක්.  පාළුව දුකට වඩා කොච්චර නිදහසකින් ඒ ජිවිතේ ගෙවිල ගියාද කියල හිතෙද්දි නම් ආයෙත් එහෙටම යන්න හිතෙනවා. පවුලේ වැඩිමලා විදිහට ඉන්න කලින් නම් හිතුවක්කාරෙට හැදුනේ අක්කල අයියල ගොඩක් එක්ක ගෙදර පොඩ්ඩට වැඩකාරකමට ගොඩයි. පස්සේ ඉතිං මල්ලිල දෙනෙක් හම්බ උනාම නම් අම්ම හිතෙන්න ඇති මේ කෙල්ල හැදෙයි කියල මොන හදිලිද ඒ දෙන්නත් එක්ක ගෙදර අනිත් පැත්ත පෙරලුව මිසක එකේනං තවමත් වෙනසක් නැහැ. හැබැයි නංගි ආවට පස්සෙනම් ටිකක එයත් එක්ක තරහක් ආවා. ඒ නිසාද  කොහෙද කොහොම හරි නංගිව මේ වෙද්දී කාමරෙන් එලවල තියෙන්නේ කොටින්ම කිව්වොත් ගෙදර යට තට්ටුවට මට යන්න තහනම් උඩ තට්ටුවට නංගිට යන්න තහනම්. කමරෙටනම් අඩිය තිබ්බොත් ඉවරයි.  ගෙදර හතර දෙනා එකතු උනාම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ. එක වෙලාවකට හිතෙනවා අපි හතර දෙනා තාත්තා ලංකාවේ නැතිව කොහොම හදා ගත්තද කියල අම්ම. 


ඔන්න පලවෙනි දඟ වැඩේ මේක නම් උනේ ගමේදී මං හිතන්නේ 2 වසරේ නැත්තම් 3 වසරේ. ඉස්සර නිවාඩු කාලෙට ආච්චි ඇවිත් මාව ගමේ එක්කන් යන්නේ අම්මගේ ලේසියට ඔන්න එක පාරකුත් ගමේ ගියේ හරිම අසාවෙන්. වැවේ නාන්න, බයිසිකල් පදින්න, බෝට්ටු හදල දාන්න, අඹ ගස් නගින්න අයෙ ඉතිං මොකටද කථා. කොහොම හරි එක නීතියක් තිබ්බා ගෙදර වැඩිමල් කෙනෙක් නැතිව දඩාවතේ යන්න එපා කියල (ඒ කාලේ තමා මායිම ගම වලට කොටි පනින්න පටන් අරන් තියෙන්නේ )  ගම් වල ඉතිං ඔය තාප්ප නැහැනේ වැටෙන් පැනල තමා සෙල්ලමට යන්නේ එත් ආච්චිට කියල. ඔන්න එදා ආච්චි නැහැ මුළු වත්තේම හෙව්වත් හොයා ගන්න නැහැ පස්සේ බැරිම තැන මහා ගෙදරත් බලල බැරිම තැන ඉතිං මං බබා වැටෙන් පැනල ගිහින් සෙල්ලන් කරන්න ගත්තා වෙලාව ගැන ඉතිං ඔය කාලේ තේරුමක් නැහැ නේ. මෙන්න බොලේ ටික වෙලාවකින් ආච්චි එනවා රෙද්ද උස්සගෙන හප්පේ අයෙ කියන්න දෙයක් නැහැ කනෙන්ම ඇදල මාව නැගිට්ටුව. මට නම් තරු පෙනුන ඒ වෙලේ 
හිටු කරන්න හොඳ වැඩක්" කියල දක්කන් යනකොට මගේ පොඩි හිතට තේරුණා අයියෝ මං ඉවරායි කියල. මගේ  යාළුවො හරි නරකයි මාව බේරගත්තෙත් නැහැ (කොහේ බෙරන්නද
කට්ටියම ආච්චිට බයිනේ) ඊට පස්සේ ගමේ කුස්සිය ගාව තිබ්බ කොහොඹ ගහේ මාව බැන්ද. ගැහුවනම් දුකක් නැහැ අප්පා අර කාෂ්ටක අව්වේ මෙහෙම බැඳලා තිබ්බම. බැඳලා කිව්වා හා දැන් පුලුවන්නම් යනවා බලන්න මට නොකිය කියල. එත් මං නෙමේ අඩන්නේ ඒ මදිවට මගේ යාළුවො ටික වැටෙන් ඇවිත් තව හොරෙන් බලන ඉන්නවා මාව ලිහන්නේ නැතිව 

කොහොම හරි අයිය හවස එනකන් ඉතිං මං කොහොඹ ගහේ පස්සේ අයිය ඇවිත් ලිහල ඉවර වෙලා මුළු ගමටම කියල හිනාත් වෙනවා හිකිස්‌ පස්සේ අච්චිටම දුක හිතිලා ඉස්ක්රින්‍යයි තේයි දුන්න බිල කාල දොයිගන්න කියල. එත් හැබැයි එදයි පස්සේ මං කොහෙවත් ගියේ නැහැ කාටවත් නොකිය. අම්මනම් කියන්නේ ආච්චි හිටිය නම් මං මිට වඩා හොඳ වෙන්න තිබ්බා කියල පිස්සු හැදෙයි.
******************************************************

මේ දෙවැනි එක මේක නම් කලේ සා. පෙ. අන්තිම කාලේ ඔය දවස් වල ඉතිං පොඩ්ඩක් විසේනේ හැබැයි ඒ කාලේ කොල්ලෝ විසයක්‌ තිබ්බේ නැහැ. ගෙදර අයට පින් සිද්ද වෙන්න නිදහස ඕන තරම් තිබ්බා ඕන කෙනෙක් එක්ක කථා කරන්න වගේම ඕනෙම තැනක යන්න මේ කාලේ තමා අපේ ඉස්කෝලේ IT උගන්න ගත්තේ. ඉතිං IT වලට වෙනම වෙලාවක් කාල සටහනේ තිබ්බේ නැහැ. කියල තිබ්බේ PT මිස් නැත්තම් ගිහින් IT වැඩ කරන්න. ඒ කාලේ ඉඳලම ඔය පිට්ටනියෙ වැඩ වලට වඩා කොම්පිතරේ ගාව තමා හිත. ඉතිං එදත් PT එකට කට් එක දාල හිටියේ IT කාමරේ මං විතරක් නෙමේ මගේ යාළුවො පහකුත් හිටිය. මෙනන් ටික වෙලාවකින් ළමයෙක එනවා අපිව හොයාගෙන PT මිස් එන්න කිව්වා
කියාගෙන. හරි දැන් දන්නවා කවුරු හරි මේක පත්තු කරලා තමා කියල මෙන්න අපි යන කොට මිස් ඉන්නවා පැවිලියන් එකේ මුළු ඉස්කොලෙටම පේනවා දුකේ බැහැ. ගුට්ට සැරයි කියල තේරුනේ මිස් ගේ රතු වෙච්ච මුණ දැක්කම 

“ තමුසෙලා කොහෙද ගියේ?” යද්දීම කඩන් පැන්න

“නෑ මිස් මේ.... මේ.....  IT කමරේ හිටියේ. අපි හිතුවේ මිස් නැහැ කියල එකයි මිස්”

“තමුසෙලට ඕක අස්සේ රිංගන්න පුළුවන්. යනවා ගිහින් දන ගහනව මේ පීරියඩ් දෙක පිට්ටනිය මැද්දේ ඔක්කොටම පෙන්න මොකද වෙන්නේ කියල මගේ පන්ති කට් කරාම. ඉතිං බලන් ඉන්නේ යනවා”

 කියා එලව ගත්තා පිටි පස්ස හැරිලා මං යද්දී බකස් ගල හිනා ගියේ ඇයි කියන්න අදටත් මං දන්නේ නැහැ. පස්සේ ඉතිං කට්ටිය පිට්ටනියෙ දන ගහන් ඉද්දි මං හිටියේ බොරළු ගොඩේ. ඒ කාලේ කරපු පිස්සු වැඩක් හින්ද මුළු ඉස්කෝලෙම දැන්න් හිටිය මං ඉතිං ආයෙත් ප්‍රසිද්ද උනේ කට ගහන්න ගිහින් දුෂ්ට දඬුවම වැඩි කියල. අයියෝ අනිච්චං කිව්වා මක් කොරන්නද.
 ******************************************************
ඔන්න අදට ඇති ඉතුරුව පස්සේ දවසක් හොඳේ      

7 comments:

  1. හිකිස් මරු සීන් ටික...

    ReplyDelete
  2. Anonymous3/13/2012

    ඕන්නැති තැන්වල හිනා වෙන්න එපා කියන්නෙ ඕකනේ! දඟ කරන්න ගිහින් ගස් බැන්ද කෙල්ලෙක් ගැන ඇහුවමයි! :D

    ReplyDelete
  3. දුශ්ඨ දඬුවම්... හික් හික්.. ඒක නියමෙට ගැලපෙනව.
    විස්කිරිඤ්ඤ කියල ලියන්නෙ මෙන්න මේම.. හිකි හිකි.

    ReplyDelete
  4. Anonymous3/14/2012

    අපේ නං ඔය සීන් වෙන්නෙ මෙහෙමයි!
    1. කට්ටිය සෙට් වෙලා යනව පීරියඩ් කට් කරන්න........
    2. ප්‍රින්සිපල් උත්තමය කොල්ලො ගිය පැත්තට යනව පේනව.....
    3. කොල්ලො හාවො රන්චුයක් වගේ පැන පැන එනව........
    4. කඅල්ලො පැන පැන ගිය පැත්තට ප්‍රින්සිපල් අැවිදං යනව! :D

    ReplyDelete
  5. හික් හික්... පොඩ්ඩා කාලෙ මතක් වුනා...

    ReplyDelete