Thursday, March 22, 2012

මනමේ විතරද චපල ?

අද මෙන්න මේ පොස්ට් එක දැක්කට පස්සේ මනමේ කුමරිය හා කුමරා කතාව අයෙත් මගේ ඔලුවට අවා. කොටින්ම කිව්වොත් මේ කතාවට මගේ නම් පොඩි කලේ ඉඳල කැමැත්තක් තිබ්බේ නැහැ. හේතුව මනමේ කුමාරි චපල දෙවි නිසා. මේ කතාව වෙනස් කරන්න තිබ්බ ඇයි මේතැනදී වැද්ද වැරදි නැද්ද?  වැරදි. මොකට පෙම් කුමාරය මරන්න ගියද නියම පිරිමියෙක් වගේ සටන් කරන්න තිබ්බ එත් එහෙම කරන්නේ නැතිව නිවටයෙක් වගේ මනමේ කුමාරි දුන්න කඩුවෙන් කුමාරය මැරුව. ඇයි මේ කට්ටිය මනමේ අල්ලන් කෑගහන්නේ? හේතුව මේකයි චපල උනේ කෙල්ලෙක් එතන වැරදි ඇයි මේ කෙල්ලොන්ගේ වැරැද්ද විතරක් උලුප්පල දෙන්නේ?


එතකොට ඔය මනමේ කතාවට කලින් එන අර කුවෙනිව දාල ගිහින් රජ කුමාරිකාවක් සරණ ගිය විජයට මොකද කියන්නේ? රජකම වෙනුවෙන් තමන්ගේ ළමයි බිරිඳ එපා කියල දාල ගියපු විජය වැරදි නැද්ද? ඉතිහාසය පටන් ගද්දි මුලින්ම වැරැද්ද කරලා තියෙන්නේ කොල්ලෙක් එහෙමත් නැත්තම් පිරිමියේ පරානයක් හැබැයි උලුප්පාල පෙන්නනේ ගහනුන්න්ගේ වැරැද්ද විතරයි


කවුද හරි කවුද වැරදි කියන එක දන්නේ තමන්ගේ හිත. එහෙනම් ඇයි ගැහැණිය විතරක් චපල වෙන ඒවා පෙන්නනේ. කෙල්ලෝ මේ තරම් පාරේ මරල දාල නැද්ද? තුවාල වෙලා නැද්ද? ඒ චපලයෙක් නිසා.


වේදනාව ඔබටත් මටත් එක සේම දැනේනම් ඇයි ආදරයට ආදරය කල අයට ගැරහුම්. හිමි අහිමි උනේ මේ හිත නම් ඇයි නින්දා මේ තරම් 

13 comments:

  1. ඕව ගැන හිතල වදවෙන්න එපා නගේ . . .

    ReplyDelete
  2. අනේ මන්දන්නෙ නෑ... මේ ගෑණුන්ට පිරිමිත් එක්ක තියෙන මලක්... මේ එක වේදිකා නාට්‍යක් දැකල... ටීවී එකේ යන නා‍ට්‍ය ගැන සද්ද නෑ... ඒවයෙ පිරිමි බලුකරල තියෙන්නෙ ඔයිට වඩා ලස්සනට...

    ගෑනු පිරිමින්ටවත්, පිරිමි ගෑණුන්ටවත් ‍බනින එක තේරුමක් නැති වැඩක්... වරද තියෙන්නෙ බනින එකාගෙ ලඟ

    ReplyDelete
  3. මොකක්ද ඔය කියලා තියෙන පෝස්ට් එක.? ඒක පේන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඇස ඇරියොත් පේනවා ....

      Delete
    2. ඇස ඇරියොත් පේනවා..

      Delete
  4. ආදරය අන්ධයිනේ !

    ReplyDelete
  5. ඔන්න ඕව අල්ලලා දාමු.

    ReplyDelete
  6. ඔය මනමේ කුමාරිගේ චපල කමයි, විජය කුවේණි වගේ අප්සට් ලව් ගැන හිතන්නේ නැතුව ඔය කුස පබා වගේ හරි ගිය ලව් එකක් ගැන හිතන්නකෝ...
    දෙන්නට දෙන්නා තේරුම් අරන් ලව් කරනවා නම් ඔය හුට පට මොකුත් නෑ....

    ReplyDelete
  7. ඇයි වදේ ! මේ එකෙක් කරපු දේකට මුළු සංහතියටම බනින්නේ !!!
    එහෙනම් අපිත් කෙල්ලොන්ව පතුරු ගහන්ඩ එපැයි !!!

    ReplyDelete
  8. දෙගොල්ලොම වැරදි කරන්වා.....අපිට ලෝකය හදන්න බැ.....අපි හැදෙමු.....

    "වේදනාව ඔබටත් මටත් එක සේම දැනේනම් ඇයි ආදරයට ආදරය කල අයට ගැරහුම්. හිමි අහිමි උනේ මේ හිත නම් ඇයි නින්දා මේ තරම් "

    මේකනම් මාරයි....

    ReplyDelete
  9. අපි රන්ඩු කරගන්න ඕන නෑනේ. කොල්ලොත් වැරදි කරනව කෙල්ලොත් වැරදි කරනව කොල්ලො විතරක් වත් කෙල්ලො විතරක් වත් වැරදි කරන්නෙ නෑ.

    ReplyDelete
  10. කළකිරුනු හිතකින් ලියැවෙච්ච එකක් වගේ........

    ReplyDelete
  11. අනේද කියන්නේ....

    ReplyDelete