Thursday, September 29, 2011

කෝප්පේ කාසියක් ලයන්ට මඩ පාරක්


හරි අඩන කතා  ලියල ලියල මට හිතුන පොඩි හිනාවක් යන කතාවක් ලියන්න. හිනාවක් ගියේ නැත්තම් කුචි කවා ගන්න. හොදේ. මේක ඉතින් මඩ පාරක් නෙමේ.  මේ ලගදි තිබ්බ බුක් ෆෙයාර් එකේ විච්ච දෙයක්.

බොල්ග් ලිවීමට පමණක් නෙමේ කරලියට ආපු අලුත් එක්කෙනෙක් හින්ද ඉතින් මටත් ලොකු ආසාවක් තිබ්බ මේ කස්ටියව හම්බ වෙන්න ඔන්න ඔහොම ඉදල ඉදල ට්විටරේ සෙට් වෙච්ච ශානි  කිව්වා බුක් ෆෙයාර් යනවා කියල ඉතින් එයාට මාත් සෙට් වෙන්න නම්බර් ඉල්ලගෙන මගේ තියෙන ඔලුවේ අමාරුවට කොල්ලුපිටියේ ඉදල ගිය බස් එකක් ගන්න කියල තර්ස්ටන් එක ගාවට පයින් ගියා. ඔය අහුමුලු පාරවල් වලින් තනියෙන් යනකොට හිතන්න දේවලුත් තියෙනවනේ.  ගිහින් බස් එකක් එනකන් ඉන්නකොට මගුලක් තමා බස් වල සෙනග කොච්චරද කිව්වොත් නගින්න බයේ බෑ. අනික ලදී හා හා පුර කියල ෆෝන් කබලක් ගත්ත ඕකට විද්දොත් එහෙම ගෙදර ගිහිල්ලත් හමාරයි. ඉතින් හිතට හයිය අරගෙන පයින්ම එකට ගියා කියමුකෝ BMICHඑකට.

මගේ සද්දන්ත උසත් එක්ක ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු  කන්න වගේ බලන් ඉන්නවා. සාටර් වැඩේ කියන්නේ මිනිස්සු මගේ දිහා අමුතුවට බලන එක. ඒක ඉතින් මගේ වරදක් නෙමේ ඔං. අනිත් එවුන් ඔක්කොම මේකට එන්නේ සෙට් පිටින්, බුරුතු පිටින්, නැතත් ඔය අතෙයි ඇගෙයි අරෙහෙයි මෙහෙයි එල්ලිලානේ හරියට එහෙම ඒවා දැකල මං දිහා බලන්නේ මං නිකන් පිට සක්වලින් ඇවිත් වගේ. අනික ඉතින්  තනි අලියෙක් පාරට අවහම කොහොමත් කට්ටිය බයයිනෙ. කෙසේ හෝ වේවා වටේ යනෝ වැඩිද මන්ද. අන්තිමේදී මහා දුරකථන අරගලෙකින් පස්සේ කස්ටිය හොයාගෙන පොඩ්ඩක් අරෙහෙට මෙහෙට වේවි හිටිය. ඔතන ගීතිකා, නාග, ශානි , ලයන් තමා හිටිට්යේ පයිනුත් ආපු නිසා මට පට්ට බඩගින්නක් ආවා ඉතින් අහුලා ගත්ත සල්ලි වලින් මායි ශානි ගීයා කියමුකෝ කන්න බොන්න ගෙන්න. හැබැයි ඉතින් අත් හතරයි තියෙන්නේ පස් දෙනෙක්ට කන්න ගෙන්න. ඔන්න බිම හතරක් අරගෙන එනකොට තමා මට හිතුනේ මොනවා හරි කන්න ඕනේ කියල දෙන්නත් එක්ක රිංගුවා  මැගී අක්කගේ කඩේට එතන හිටපු අයට මල් පාරක් දාල ඔන්න සල්ලි ටික දෙන්න හදද්දී ශනි ගේ සාක්කුවෙන් ඇදල වැටුනේ නැතැ රුපියලේ කාසියක් ඔය බිම එකකට. හරි වැඩේ දෙන්නටම කට උත්තර නෑ. අනික සල්ලි තිබ්බෙත් ගානට. කොහොම හිත හදා ගෙන ඕක විසි කරන්නද අප්පා එක උගුරක් වත් නොබී. අත දාල ගන්නත් බෑ. ඉතින් ඕන එකක් කියල දෙන්නත් එක්ක කතා කර ගත්ත ඔය බිම එක කොල්ලෙක්ට දෙමු කියල. ඔන්න ශානි බිම ටික බෙදුවත් අන්තිම වෙනකන් කවුරුත් කිව්වේ නම් නෑ මෙහෙම දෙයක් වුණා කියල  කවුරුත් නොදන්නා තාලෙට ඉන්න කොට  මෙන්න මේ කෝප්ප ටික එකතු කරපු  නගා කියපි මෙන්න ලයන්ගේ කෝප්පේ රුපියලේ කාසියක් කියල මට කෙන්ලින්ම බැලුනේ ශානි දිහා දෙන්නට නම් හොදටම හිනා ඒ මදිවට හිටපු කස්ටිය මේ බිම ගත්ත තැනට ගිහින් පොඩි සද්දයක් දාන්න ලැස්තිය කෙසේ හෝ වේවා ඉතින් ඔය සද්ද දාන ලයන් ලත් කෙල්ලොන් ගේ වැඩ වලට අහුවෙනවා කියල තමා අවසානේ කියන්න තියෙන්නේ


(ප. ලි. ඔන්න මේ ලයන් ඉතින් මේකෙන් පස්සේ මට මඩ ගහනවා කියල මං දන්නෝ අපි සැලේ ඕවට)

Wednesday, September 28, 2011

අම්මේ,

අම්මේ, 
මං දන්නවා ඔයාට මාව ඕනේ කියල
ඔයා මට ගොඩක් ආදරේ කියලත් දන්නවා
එත් මගේ ආදර තාත්තට 
මාව බරක්ලු නේද? 
එයාට මගේ හුරතල් බලන්න කලින්
පිළිවෙලක් වෙන්න ඕනෙලු
මගේ අම්ම
තාත්ති ගියාම තනියෙන් අඩන එක
මට හයියෙන් ඇහෙනව
ඔයා තතිවත් දල ගහින මාව බල ගන්නවා කිව්වා
එත් අම්මේ
ඔයා දුක් විදිනවා බලන්න මට බෑ
මං නොදැකපු ලෝකේ
ඔයාව ඔච්චර අඩවන වනම්
මං ඔයාගේ තව කදුලක් වෙන්න එන්න නෑ




Monday, September 26, 2011

අපිට වැරදුනේ කොතනද ?

ඔබේ ඉරිතලා ගිය ආත්මය
මගේ විසිරිලා ගිය ජීවිතය තරමටම
නොවටිනවා කියල දන්නා අය
ඉන්නවා කියල මට හිතෙන්නේ නෑ
අපිට අපි නැති උනේ කවද්ද කියලවත්

මට වත් ඔය ආත්මයටවත් මතක නෑ
ආයෙත් හැරෙන්න බැරි ජිවතයට
පණ දෙන්නේ අඩන්න
කදුළු නැති නිසාද
නොකී කතා දහසක් තියාගෙන

දෙනෙත් දිලිසෙන කොට
ඔය හිතේ දුක් ගිය කියවන්න
එකම එක හදවතක් වත් ලග තියා ගන්න

Tuesday, September 20, 2011

අපහාසයට හිනා වෙන
ඔයා වගේ අය නොදන්න
ජිවිත කතාව
කාටවත් අහන්න වෙලවක් නැහැ
එහෙම වෙලාවට අඩන්න හිතුනත්
කදුලට ඉඩ නොදී ඉන්නේ
ආදරේ නැති නිසා නෙමේ
මගේ ගාව අඩන්න
කදුළු නැති නිසා
ඔයා හිත දරුණුයි කියල දැන ගත්තනම්
මං ගැන කවදාවත් නොකිය ඉන්න තිබ්බ
ඔයාට
එහෙම  උනානම්
තාමත් ඔයා මං ගාව
යාලුවෙක් විදිහට හරි
අද මට ඔයත් නැහැ ජිවිතයක් කියල දෙයකුත් නැහැ

Sunday, September 18, 2011

පිස්සු ප්‍රේමය

තෙරක්  නොපෙනෙන 
ඉමක්  නොදකින 
හීනයක්  ඔබ 
වෙන  කෙනෙක්  සතු  උන


රහසක්  නැතිවම
ඔබට  පෙම්  කර
දුක  උහුලන 
පිස්සු  කෙල්ල  මම


මුරණ්ඩුයි  මම
කටකාර  කිවිදිය 
පෙම්  කරන්නේ  කොහොමද  මට
කුණාටුව  වගේ  උනහම 


පෙම් හිතක් නොතේරෙන 
පෙම්වත් වෙන්න වත් නොදන්න
ඔබට පෙම් කරන්න 
පව් කරලා නැහැ මම

Thursday, September 15, 2011

වදින තැනකට වදින්න

මිනිස්සු මහා පුදුම ජාතියක් ඒ වගේම තමා ඉතින් අපි කවුරුත් දන්නවනේ අපි පැවත එන්නේ වානර පරම් පරාවෙන් කියල ඔහොම ඇවිත් මොලේ දියුණු උනාට මොකද සමහර වෙලේට කරන්නේ නම් මහා වානර වැඩ. ඔන්න මේ ලගකදී ඉදන් මටත් මේ වනර රංචුවෙන් එලියට ආපු මිනිස්  වදුරෙක් හම්බ උනා. මොකද මං මිනිස් වදුරෙක් කියල කියන්නේ එහෙම අයගේ කොන්ද තාම නැවිල තියෙන නිසා ඕක කෙලින් නැහැ. සදාචාරයක් නැහැ, කතා බහ කරන්න දන්නේ නැහැ ඔය වගේ දේවල් නිසා. තව වදුරු ගතියක් තමා අනිත් එකා කරන එක ඉවසන්නේ නැහැ. සමහර ගති නම් ඉතින් ඔය ගැහැනු ළමයි ලගින් යන ඒවා. ඒවා නම් මං කියන්න යන්නේ නැහැ ඔං. ඔය වගේ වදුරෙක් ඇවිත් මේ අපිට පොඩි මානසික රෝගයක් තියෙනවා කියල මගේ බ්ලොග් එකේ ලියල ගියාට මං ලියන එක නවත්තන්නවත් කියන එක නවත්තන් නැවත බැරි වෙයි මොකද උට තියෙන්නේ බාගෙට හැදිච්ච මොලයක් කියල මං දන්න හින්ද. තවත් දෙයක් තමා අනුන්ට ගහන ගල් තමන්ට වැදෙනවා කියල සමහර වදුරෝ දන්නේ නැති නිසා. අහල ඇතිනේ  "බල්ලොනම් කොපමණ බිරුවත් කදු නම් පහත් නොවේ" කියල කියනවානේ මං බ්ලොග් කලාවට අලුත් උනාට මේ ජංජාලයට නම් අලුත් නෙමේ ඒ වගේම තමා ඔය වානර ජාතිය නම් කොහෙත් හම්බ වෙන එකනේ ඉතින් ඔය පාර තොටේදී එකී මෙකි නොකී හැම තැන දීම හම්බ වෙන වානරයන් ගැන හොයන්න ඒගොල්ලෝ කරන දේවල් බලන්න ගියොත් අපේ වැඩක් කර ගන්න බැරි වෙන හින්ද ත් මං ඉතින් ඔය බයිස්කොප්ප බලල හිනාවෙන පහත් මානසිකත්වයකත් නැති හින්ද එහෙම අයට අමාරු ඇති.  තව දෙයක් මං අහල තියෙන්නේ නම් අපි අකමැති අය ගැන හොයන්න යන්නේ මොකටද කියල එත් ඉතින් අර හැම එකටම හොට දාන කොට්ටෝරුව වගේ හොට  නොදා ඉන්න බැරි අයත් ඉන්නවනේ. ඔහොම හොට දාන්න යන්න එපා මොකද කෙහෙල් ගහකට කොටන්න ගිහින් අමාරුවේ වැටෙන දවසක් එනකන් ඉන්න ඕනේ නැහැනේ. මගේ උද්දච්චකම උහුලා ගන්න බැරි කවුරු හරි කෙනෙක් මගේ බ්ලොග් එකේ, ට්විටරේ එකේ හරි මුණු පොතේ හරි ඉන්නවා නම් කාරුණිකව අයින් වෙන්න කියල ඉල්ලා සිටිනවා මොකද මට ඕකෙන් කිසිම පාඩුවක් නොවෙන හින්ද. කියන්න දේවල් කොච්චර තිබ්බත් ලියන්නේ නැත්තේ අනවශ්‍යයි කියල හිතෙන හින්ද. අනික ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ප්‍රසිද්ද සමාජයේ  ළදරුවන් වගේ වැඩ කරන්න එපා කියන එක විතරයි. (මේක තර්ජනයක් නොවේ).
ඔබ සැමට ජය.

Tuesday, September 13, 2011

මට ශාප නොකරන්න

මේ හිනා අහුර යට හැන්ගුන
කදුළු කතාව දන්නවනම්
ඔබ මට ශාප නොකර
මට එක දිනක් හෝ පෙම් කරවී
හිත අරන් කුටු කර දානවා වෙනුවට
මල් වට්ටියක් වගේ පෙම් කරවී
කදුළු වලට හිනා නොවී
හීනියට පිස දාවි

Monday, September 12, 2011

නිල් දැසකට පෙම් කලෙමි (to my Bendrix)

එරබදු මල් පිපුන සමයක
හමුනා ඔබ දුම්රියක් තුල
දහසක් සෙනග මැද
දුටුව ඔය නිල දැස රැගෙන ගියා මගේ හිත
සත් සමුදුරෙන් එතෙරට.
රන් තරු පායපු රෑක
පෙම් බස් දෙඩුවා මතකයි මහා සමුදුර ලග
ඉන බැදී ඔසරියට පෙම් කල
ඔබේ දෙතොලග රැදී හිනහව මම විය
මං මවාත් වල අතරමං උන
මගේ පුංචි දෙපා රිදෙනවිට
නුග රුකක් විය නුබේ නොසිදෙන ආදරය
සත් සයුරෙන් වෙන් වුනත් අප
පිටරැටිය ඔබට පෙම් කරමි
කෙදිනක හෝ අපේ ලොවක තනි වන්නට හින මවා ගෙන

Saturday, September 10, 2011

දියා ඔබට තවම මං ආදරෙයි - (2කොටස)

කොහොම හරි කට්ටියව පිටත් කරලා ගෙවල් වල යවල මම දියාත් එක්ක කාර් එකට නැගගේ දියව ගෙදර ගිහින් ඇරලන්න හිතා ගෙන කර එකට එනවත් එක්කම තමා මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ.  ඒකෙ සටහන් උනේ දියාගේ ගෙදර නම්බර් එක. දෙපාරක් හිතන්නේ හැතුවම මම ෆෝන් එක අන්සර් කරා. එහා පැත්තෙන් දියාගේ අම්ම කතා කරලා  අහනවා දියා ඉන්නවද කියල. මට පුදුමත් හිතුනා මොකද දියා මට කිව්වේ ගෙදරට කතා කරලා කිව්වා කියල මේකිට ගෙදරට් පොඩ්ඩක් කතා කරන්න බැහැ පරක්කු වෙනවා කියන්න මොනා කරන්නද ඇන්ටි පලු යන්න බනිනවා මොකක් උනත් යාලුවනේ කියල පොඩි ශේප් පාරක් දාල ඉකමනට ගෙදර එක්කන් එන්නම් කියල පොරොන්දු කර ගත්තට පස්සේ තමා යන්තම් ඇන්ටි ෆෝන් එක තිබ්බේ.
දියා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා. මං මොකද කියල අහන්න හදද්දීම මෙකි කියපි
"මේ මල් කැඩුව ඇති දැන් යන්ද කියල"
"ඔව් ඔව් මං මල් කැඩුවේ ඔයාගේ අම්මත් එක්ක කමක් නැද්ද?"  කියල අහන ගමන් මං කාර් එක ගාලු පාරට දැම්ම දියා අයෙත් කතා නැහැ. මේ කෙල්ලෝ නම් මහා පුදුම ජාතියක් තමා කතා කලත් වැරදී නොකරත් වැරදී කමක් නැහැ බැනුම් අහගන්න හරි බලන්න එපෑ මොකද වෙලා තියෙන්නේ කියල.
"මොකද දියා සද්ද නැත්තේ තරහ ගියාද" කියල මම ඇහුව
"නැහැ ශාස් අම්ම බැනන්ද මට බයයි?" ඉන්නවා දෙන්නම් මාත් හොද වැඩක් කියල හිතාගෙන
"ඔව් ඔව් අද තාත්තත් ගෙදර අවිල්ලලු ඔන්න එනකන් ඉන්නවා කිව්වා බනින්න බලාගෙන කියල" මං කිව්වා කෙල්ල නම් හොනදටම බය වෙලා මට මාර පව් කියලත් හිතුන එත් මොනවා කරන්නද දැන් කියල ඉවරනේ.  
"අම්ම එච්චර සැරේන්ද කතා කරේ?" 
"නැතුව අනික ඔයාගේ වරදනේ දියා, කොච්චර නම් කියනවද පරක්කු වෙනව නම් කෝල් එකක් දෙන්න කියල කෝ අහනවද.  අනික මහා ලොකු දෙයක් නෙමේනෙ කෝල් එකක් දෙන එක."
"හරි හරි ශාස් ඉතින් ඔයා අම්මව ශේප්  කරෙත් නැද්ද?"
"මොන පිස්සුද? ඇන්ටි මටත් බැන්න ඔයත් එක්ක රෑ ජාමේ රවුම් ගහනවා කියල. මේ අදනම් මං එන්නේ නැහැ ගේ ඇතුලට මටත් බැනූම් අහන්න වෙන්නෙ." කියල මම කිව්වට පස්සේ ගේ ගාවට එනකන් දියා නෙමේ කටක් හෙල්ලුවේ. ඒ දියා ගේ හැටි බය උනාම හරි හිතේ කියා ගන්න බැරි දුකක් තියෙනව නම් දියා කතා බහක් නැහැ. මහා පිස්සු කෙල්ලෙක්.
දනේෂ් කොඩිකාර දියාගේ ගේ ඉස්සරහ ගහල තියෙන බෝඩ් එකේ තිබ්බේ ගිය ගේ තාත්තගේ නම. ගල්කිස්ස ප්‍රදේශයේ පිළිගත් ව්‍යාපාරිකයෙක්.  අංකල්ව දන්නේ නැති කෙනෙක් හිටියනම් කලාතුරකින් ඒ වගේම තමා දියා කොඩිකාර දනේෂ් කොඩිකාරගේ පන පවුලේ එකම ගැණු ළමය ටිකක් හිතුවක්කාර ගති තිබුනට හුගක් සෙන්සිටිව් කෙල්ලෙක්. දියාගේ අයිය මැරි කරලා එංග්ලන්ඩ් වල දියාගේ  ගෙදරට  අන්කල්  දන්නේ  නැ ති  කිසිම  පිරිමි  යාළුවන්ට  එන  එක  තහනම්  කරලා  තිබුනේ.  හුගක්  වෙලාවට  අන්කල්  බිස්නස්  වැඩ  වලට  ගෙදරින්  පිට  ඉන්න  නිසා  දියාගේ  ආරක්ෂාව  ගැන හිතල. ඒ  නිසාම   දියා  මාව  සච්ව  සමව ගෙදරට  අඳුන්නල  දීලා  තිබ්බත් අන්කල් වැ දියා කතා බහට අවේ නැහැ ඔක්කොම විකාර කරේ ඇන්ටිත් එක්ක එත් මිට කලින් දියව අරෙහෙ මෙහෙ එක්කන් යන්න පොඩි පොඩි අවසර් අරන් තිබ්බත් හා හා පුර කියල කොලබින් පිට එක්කන් යන්න අහන එකනම් පොඩි වැඩක් නෙමේ කියල දැන ගෙන හිටිය. කොහොමත් මුස්ලිම් කොල්ලෙක් වෙච්ච මට දියාගේ තාත්ත එච්චර මනාපයක් පෙන්නුවේ නැහැ.  එක අන්කල් ගේ කතාවෙනුත් මුනෙනුත් මට පෙනිච්ච දෙයක්. අපරාදේ මේකට සච්ව එවන්න තිබ්බේ උ ඉතින් වලව් කාරයනේ නිකන්ම වැඩෙ කර ගන්න තිබ්බ කියල හිතුනේ එතකොට. ඩෙ න ඕන මගුලක් කියල් මං දියත් එක්ක  ඇතුලට යනකොට අන්කලුයි ඇන්ටි එළියේ වැඩි වෙලා ඉන්නවා . කොහොමත් ඇන්ටි ට මං එනවා කිව්වා හින්ද වෙන්න ඇති.
"ආ ශාස් පුතා එන්න එන්න අපි මේ එනකන් බලන් හිටියේ" කියල අන්කල් ෆුල් ෆන් එකේ මට කතා කරන් කරන කොට නම් මට පුදුමත් හිතුන"
අන්කල් කතා කරපු නිසා මං හිමින් සැරේ ගිහින් අන්කල් ගාවින්  වාඩි  උනා  මට  මුකුත්  කියන්න  කලින්  අන්කල්ම  කතාවට පටන් ගත්තේ හොද වෙලාවට   

"පුතා  මොකක්ද  අර  ඇන්ටිට  කියල  තියෙන්නේ  පොඩි  දෙයක්  කතා  කරන්න  ඕනේ  කියල"
"ආ  ඔව්  මේ  අන්කල්  මේ   අපි  පොඩි  ට්‍රිප්  එකක්  යන්න  කියල"
"ඉතින් පුතා  එකට  ඔච්චර  ගොත  ගහන්න  ඕනේ  නැහැනේ"  කියල  අන්කල්  මහා  හයියෙ න  හිනා  උන  ඔව්  ඉතින් මගේ පපුව ගැ හෙන හැ ටි දන්නේ මංනේ
"ඉතින්  දියාවත්  එක්ක  යන්න  අන්කල්ගෙන්  පර්මිෂන්  ගන්න  අවේ"
"ආ එහෙමද ? හරි  පුතාල  දැන්  කවද්ද  යන්න? කොහෙද යන්නේ කියල කියන්න බලන්න ?" 
"මේ  ලබන වීක් එකේ  සෙනසුරාදා වගේ තමා යන්න හිතන් ඉන්නේ" අන්කල් 
"එහෙමද කියල" ඇන්ටි මැදින් පැන්න කොහෙද මේ නම් ඇන්ටිලගේ හැටියක් ද කොහෙද මැදින්මයි පනින්නේ 
"ඇඩ්වෙන්චර් පාර්ක්  එකකට  ඇන්ටි  ගිහිල්ල  එක  දවසින්  එනවා" කියා මං අන්කල්ට උත්තර දුන්න
 එතකොට  ඇන්ටි  අන්කලුයි  මුණට  මුණ  බල  ගත්ත  විදිහට  නම්  මට  හිතුනේ  බඩු  පැකට්  තමා  කියල  එක  පාරටම  මගේ  දිහා  හැරිල  අන්කල් ඇහුව පුතා  ඕක  දියාගේ  අයිඩියා  එකක්  නේද  කියල  මට  කට  උත්තර  නැ. දැන් ඉතින්  දියව අල්ලලා  දෙන්නත්  බැහැ  ඕන  දෙයක්  කියල  මං නැහැ කියල  කිව්වා. 
කගේ  උනත්  හොද  අදහසක්  පුතා  දියාත්  අඩ අඩ  හිටිය  ඇඩ්වෙන්චර්  පාර්ක්  එකකට  යන්න  ඕනේ  කියල  දැන්  මට  වද  දෙන  එකක්  නැහැ. මගේ නම් අකමත්තක්  නැහැ පුතා හැ බැ යි මං ඕගොල්ලෝ විශ්වාස කරලා කෙල්ලව  එවන්නේ එයාව පරිස්සන් කර ගන්න ඕනේ. නේද සුමිත්‍ර කියල අන්කල් හරි දුක් බර විදිහට කියල ඇන්ටි දිහා බැලුව ඇන්ටි ගේ ඇස් වල කදුළු කියල කළුවරේ උනත් මං මේ දෙන්නා කොච්චර  දියාට ආදරේද කියල මට තේරුණා වගේම මං නිරුත්තර උනා කිව්වොත් හරි එත් ඇන්ටි ගේ ඇස් වල කදුළු මොකද කියන එක නම් මට මාර කුතුහලයක් උනා  
"ඒක නෙමේ  පුතා  යන්න  තැනක්  දන්නවද  නැත්තම්  මං  තැනක්  හොයල  දෙන්න  ද"  කියල  අන්කල්  ඇහුව 
"අන්කල  එහෙම  තැනක්  දන්නවනම්  අපි  හොයල  බලන්නම්" මොකෝ ඕව හොයන්න අපිට වෙලාවක් නැති හින්ද මං කිව්වා
"හරි  හරි  ඕගොල්ලෝ  ගෙවල්  වලින්  පර්මිෂන්  ගන්නකො  මං  තැනක්  හොයල ලැස්ති  කරන්නම්. ඇන්ඩ්   දිස්  ටියිම්   ඉට් ’ස්  අෆොර්ඩ්  බයි මි" සහ අංක මරුනේ
  හ්  ම්  ම්  ම් ම්  ම්  ම්ම්  ම්  ම්  නරකම  නැහැ  වැඩේ එත් එච්චර චාටර් වෙන්න බැහැ නේ
"බුට්  දැට්ස් නොට්  නයිස්  නේ  අන්කල්" 

"නැහැ පුතා  දියත්  එක්ක  අපි  කොහොමත්  යන්න  නේ   හිටියේ  එනිසා  කමක්  නැහැ" "ඕගොල්ලෝ  ගිහින්  එන්ජෝයි  කරලා  එන්න" 
 "එත්  අන්කල්  එහෙම  හරි  නැහැ  එකට  නම්  සෙට්  එකේ ක්‌ වත් කැමති වෙන්  එකකුත්  නැහැ" කියල පොඩි කමේති පාරක් පෙන්නුවා
"එහෙමනම්  ඉතින්  මට  දියව  එවන්නත්  බැහැ කියල අන්කල් කියපි ඉතින් කැමැති වෙනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බේ නැ ති නිසා මං හා කියල  කට වහ ගෙන ඉන්න කොට තමා පුතා  රැට  කලද  ඉන්නේ කියල ඇ න්ටි ඇහුවේ. ඔව් ඇන්ටි කල ඉන්නේ කියල මං යන්න නැගිටිද්දී දියා එලියට ආව. දියා අඩල තියෙනවා කියල රතු වෙලා තිබ්බ ඇස් වලින් මට තේරුණා. මොකක් නමුත් දෙයක් තියෙනවා එත් මට එක තෙරෙන්නේ නැත්තේ ඇයි.  මට දියා දිහා බලාගෙන තවත් එතනට වෙලා ඉන්න බැ රි නිසා මං  ඇන්ටිටයි  අන්කල්ටයි  දීයටයි  සමුදීල  ගෙදර යන්න කාර් එකට නැග්ගේ දහසක්  දේවල්  හිතේ  පුරවගෙන. එකක් දියාට එකපාරට යන්න කැමෙත්ත දුන්නේ ඇයි? අන්කල් මෙච්චර හොදට මාත් එක්ක කතා කරේ ඇයි . දියගෙයි ඇන්ටි ගෙයි ඇස් වල කදුළු තියේ නන හේතුව මොකක්ද  මෙතන මට  නොතේරෙන  මොකක්  හරි  දෙයක්  මගෙන්  හංගනවා  කියල  හිතුන එත් ඒ මොකක්ද?  කවදාවත්  නැතුව  අන්කල් දියාව මෙහෙම  නිදහස්  කරන්නේ  අනේ මන්ද . දියා වත් මුකුත් නොකිය ඉන්නේ මොකක් නිසාද කියන  එක මගේ හිතට වද දෙනවා. හෙට ම දියා ගෙන් අහනවා කියන කියල හිත ගෙන මං ගෙදර ආව.  

Thursday, September 8, 2011

පුළුල් උකුලට බිදෙති තපස්

පුළුල් උකුලට නෙත් දිවෙන
හිතැගී පවසන මත් දෙතොල්
තපස හැරියද
දැක ලියගේ මනහර නාදළු දෙතොල්

හෙට දිනක අරණ්‍ය වෙන්නට 

පැතුම් පතමි මේ බවුන්
එහෙත් පව් හිත කෙලෙස සන සණු
දකින විට සුර දුතියන්

වන සතුන් ලෙස දිවි ගෙවන

පහත් සිත් ඇති බබරිදුන්
ප්‍රේමයේ වෙස ගෙන ඇවිත්
වනසයි මල් කුලයම ඉතින්

එකෙක් කල පව් ගෙවන

මේ මිනිස් කුලයම දුක් වෙමින්
දුන්න දඩුවම් දැක හැදෙනු  පුත
දැන් වත් පතා සුර සැප හොද හිතින්



Wednesday, September 7, 2011

අතීත ප්‍රේමය

අමුත්තන් වෙමු අපි
ලෝකයක් අභියස
කිසි දැක මුණ නොගැසුන
දෙනෙත් සගවා ගමු
පෙම්වත් වූ පෙර දාක
ප්‍රේමය මුලා කරන්නට
හිනාවක් පා අමතක කරලන්න
ඔය නිල දැස් පෙම්වත් උනා වැඩි පෙර දාක
ගොළුවත රකිනු මිස
වදනක් තෙපලන්නේ කෙලෙස

Tuesday, September 6, 2011

දියා ඔබට තවම මං ආදරෙයි - (1කොටස)




"ශාස්"
" මොකෝ දියා"
"අපි කොහෙහරි ට්‍රිප්  එකක් යන්කො"
"මේ පිස්සුද?,  ඉස්සෙල්ල ඔය ඔලුවේ කැක්කුම හොද කර ගන්නවා කෝ
" ඒ මොකෝ මං ට්‍රිප් යන්නේ ඔලුවෙන් නෙමේ නේ. මට ඩොක්ට කිව්වා  රෙස්ට් කරන්න කියල ඉතින් ඒක නිසා යමුකෝ. නිලූ කියනවකො හලෝ මෙයාට
"ශාස් ඔන්න මං දන්නේ නැහැ උබේ  හොදම යාලුවනේ යමු බං ඔන්න ඔහේ"
"යකෝ මේකි ගේ ගෙදරින් පර්මිෂන් ගන්න ගියහම එපා වෙනවා මට බැහැ
නිලූ
"ඔව් ඉතින් ඔයාට අර ශෆිනාව එක්කන් යන්න කිව්වනම් පැනල එක්කන් යයි. හරි හරි මට ඕනේ නැහැ,
මට ඉතින් හොදම යාලුවෙක් හිටියට වැඩක් නැහැනේ.
"කියා දියා අහක බලා ගත්තා

ඒ දියා ගේ හැටිය මේ අවුරුදු දෙක කාලයේ හොදම මගේ හොදම යාළුවා උනාට.  මගේ හිත කොනක තේරුම් නොගත් ආදරයක් තියෙනවා කියල දවසක් සච් කියනව මට මතක් උනා සෙට් එකම දැන ගෙන හිටියත් කවුරුත් ඒ ගැන කිසි දිනක කතා නොකරේ මගේ හිත හින්ද කියලත් මං දන්නවා සමහර විට මට වඩා. දියා ගේයි මගෙයි යාලු කමට ප්‍රශ්නයක් වෙයි කියල හිතල වෙන්නත් පුළුවන්. කට්ටියටම එහෙම තේරුනත් දියා නම් කිසි වෙනසක් නැතුව ඉන්නවදෝ නැත්තම් මාගේ දෙමාපියන් ගැන හිතල ඉන්නවද කියල මට තේරුනේ නැහැ  නිල් ඇස් වලට ආදරය නොකර ඉන්නේ කොහොමද කියල මට හිතා ගන්න බැරි උනා. මගේ මුළු ලෝකෙම ඇත හැරල දියා වෙනුවෙන් මං හැමදේම
"ශාස්"
මොකද බං වෙලා තියෙන්නේ උබ කොයි ලෝකෙද ඉන්නේ කීපාරක් කතා කරාද?”
නැහැ බං එහෙමෙ එකක් නැහැ කියපන් කෝ
උබ මටද බොරු කරන්නේ. කමක් නැහැ මං බබෙක් නෙමේ  

ඇත්තයඔහු මා පාසල් කලෙයේ පටන් හොදම බොක්කක් හින්ද මගේ හිතේ දුක සමහර විට උට හංගන්නට දෙයක් නැත.

දැන් ඉතින් උබම යාලු කර ගනින් දියාව
හරි  එහෙනම් උබ මට මොකක්ද කරන්න කියන්නේ
සිරාවට එකීගේ කතාවෙත් ඇත්තක් තියෙනවා බං මෙහෙම වැඩ කරන්න බැහැ. මාත් අයිඩියා ඒක දාන්න හිටියේ.
මං දන්නවා සච්
එත් දියා.”  ඔය එකී හොදට ඉන්නේ උබ විකාර හිතන්න එපා බං ඔන්න යමු
හරි බලමුකෝ මං දියාට කතා කරලා බලන්නම්

දියා මා ලගින් නැගිට ගිහින් කියලවත් දැනු නැති හැටි.  

"එහෙනම් අඩගහ ගනින් උබ හින ලෝකේ ඉන්න කොට අන්න ජනේලේ  ගාවට ගියා"
දියා
හ්ම්ම්ම්ම්ම්
පොඩ්ඩක් එන්න
හරි කියන්නකෝ
දැන් කොහෙද යන්න ඕනේ ?”      
ඔය ඔය ඇත්තටම ද අහන්නේ ශාස්
ඔව්
ඇඩ්වෙන්චර් පාර්ක් එකකට යමුකෝ ?” මා බැහැ කියන්න හැදුවා පමණි
"මේ බැහැ නම් කියන්න බැහැ හොදේ"
මේ ඔයාගේ මයින්ඩ් රිඩින් නිසා මට නම් මල වදේ. හරි හරි ඕන මගුලක යමුකෝ මොනවා කරන්නද
මේ මගේ ඇති මයින්ඩ් රිඩින් එකක් නැහැ. ඉතින් මං දන්නවානේ ඔයාගේ හැටි ඒකයි කලින්ම කිව්වේ. ඔයාට බැරි නම් ඉතින් ඔය මගුල් වල යන්න ඕනේ නැහැ
මා ඒ ඇස් දිහා බලා ගෙන හිමින් විහිළුවක් කලේ පිස්සි මිමිණුවෙමි

යන්තම් මේකිගේ මුනේ හිනාවක් අවා
විහිලු නෙමේ නොලි එනවා නේද යන්න ?’
"හරි හරි අපි ගෙදරින් අහල කියන්නම් කෝ."
"ෂා මාරු.  ඒකියන්නේ සෙට් එකම යන්න එනවනේ?
"ඔව් දියා, මේ කේ.ෆ.සි, එක්සෙල් වර්ල්ඩ් අරේ මෙහෙ ගිහින් මටත් එපා වෙලා තියෙන්නේ"
ඒක හින්ද වෙන කොහේ හරි යනවනම් මං නම් එනව.

වට් ඩු යු සේ සච්?”
යප් අයි ඇම් ඉන්”  
  
හපෝ ඇඩ්වෙන්චර් පාර්ක් යන්නේ මේකිට කබේක වත් එල්ලෙන්න පුලුවන්ද? ඒ අපේ කට කාරයා සෑම්ය.
මේ කොක් එකක් නාගෙන යන්න කැමැතිද සෑම් ? කියා දියා කොක් විදුරුව සෑම් දෙසට පනවා මා බලා සිටියෙමි.
"ඕකා පව් දියා ඕක ඇත ඇරල දාන්න" කියා මා දියාගේ අතින් කොක් විදිරුව ඇදල ගත්තේ සෑම්ට නිරපරාදේ හොද හැටි කොක් නාගන්න වෙන නිසා නම් නොවේ නිලූව ගෙදරට ගිහින් දන්නා මු බැහැ කියල කියයි කියන බයට මොනා උනත් ඒකිට රැ වෙලා තනියෙන් යන්න බැනේ.
 
මේ මං අල්ල ගන්නම් ඉන්නවකෝ
හා හා බලමුකෝ කටුස්සි
බලන්නකෝ ශාස් " මම හිනාව හංගා ගත්තේ ඔය කොක් පාර මට කන්න වෙන හින්ද,
එත් මට තවත් හිනා යන්න අවේ සෑම් කියූ දෙයටය කටුස්සි කියා දවසක් සෑම්ට හොද පාඩමක් ඉගැන්නු දවසේ ගැනය.

***********************************************************************************
එදා වැඩ පටන් ගත්ත ගමන් දියා මා ගාවට දුවන් අවේ මුනත් බේරී කර ගෙනය
"මොකෝ දියා"

"මගේ පුටුව කවුද අරන්"

"ඉතින් ඔය ඔෆිස් එකේ තව පුටු තියෙන්නේ?"
"නැහැ මට එකමයි ඕනේ"
"එහෙනම් ගිහින් හොයා ගන්න"

"ඒක
සෑම් ගාවනේ"
"ඉතින්" 
"ඉතින් කියන්නේ එයා ඔයාගේ යාලුවනේ ඉල්ලලා දෙන්නකෝ"

"මට බැහැ, ගිහින් ඉල්ලා ගන්නකො උදේ පාන්දර අඩන්නේ නැතුව" 
"හා... හැබැයි කියන්න එපා යාළුවා පව් කියල එච්චරයි"

ඉන්පසු මොකෙන් මොක උනත් මු පුටුව දීල නැති නිසාත්
 දියාට කටුස්සි කියා බැන තිබුණු නිසා එහි ප්‍රතිපල වශයෙන් පහු වෙනද පාන්දර මු පුටුවේ වඩි නොවී බිම වඩි උනා කියලත් ඒ මදිවට ෂර්ට් ඒක පුරා මොනවදෝ ගාගෙන තිබුන කියලත් මුළු ඔෆිස් එකම දැන ගත්ත ඊට පස්සේ දියා ගේත් එක්ක සම සාකච්චා දාගත් උනාට . ඔය වලි වල නම් සීමාවක් උනේ නැහැ.
*********************************************************************************** 

Friday, September 2, 2011

හඳ ගෙනත් දෙනවා කිව්වා හද

පෙම් කරනවා නම් මට
දෙන්නම් මගේ හද
අරගෙන මගේ හද
පොල් ගානවද  ඔබ
අරගත් වෙලේ හද
දෙනවා කිව්වා හඳ
තරුවක් ගෙනත් දෙන්න මට
නැත්නම් කියනව මම
පොලිසියට

Thursday, September 1, 2011

මං හරි නරකයිලු

ඔන්න මං ආව. අසනීපෙන් එහෙම ඉදල. හිට් 1000 පැනල තිබ්බ නිසා මට හරි සතුටකුත් දැනුනා. මගේ කවි ලිවිම පටන් ගත්තේ නම් අද ඊයේ නෙමේ අවරුදු  16 දි කවි ලියන්න ගත්තම අපේ අම්ම කරේ විභාගේ කරගනින් කියල ලියපු කවි ටිකයි කතන්දර ටිකයි විසි කොරල දාපු එක. මොකෝ ඉතින් කැගහන්නේ?
ඊට පස්සේ උසස් පෙළ පන්තිවල ටිලිනිගේ පන්තියේ මේස වල නිරෝෂ්ගේ පන්තියේ මේස වල යාළුවන්ගෙ ආදර කතාවලට එකී ඕකි මෙකි නොකී තැන්වල ලියවෙච්චි කවි ඔහේ එක එක එඋන් අහුලාගෙන ගියා හොදට මතකයි. ජීවිතේට අරමුණක් තිබ්බත් දෙමාපියන්ට නැදැයන්ට ඕනේ විදිහට හිටපු මම හිටු කියල ගල කඩාගෙන මගේ විදිහට ජිවත් වෙන්න ගත්තම ලෝකෙ අනිත් පැත්තට යන්න ගත්ත. ඔන්න එත කොට තමා තේරෙන්න ගත්තේ ගොනා හැ රෙන්නේ පො පැලේට විතරක් නෙමේ කියල. ඒවගේම කට වටේට වැට බදින්න බැරි නිසා ඕන මගුලක් කියා ගන්න කියල මම මගේ පාඩුවේ ජිවත් වෙන එක උහුලා ගන්න බැරි අයට නම් ඉතින් මට කියන්න තියෙන්නේ පව් අහිංසකයෝ කියල තමා.

ඔහොම ඉදල කවදාවත් උවමනාවෙන් වැඩක් කරපු නැති මම වෙබ් ඩිසයින් පන්තියේ සර්ගෙ ඉල්ලීමට බ්ලොග් එකක් හැදුවත්, ඔය ට්විටර් එකේ අපත වෙනවා දැකල තමා බ්ලොග් එකක් පටන් ගන්න කස්ටිය මාව දිරිමත් කලේ. කෙසේ හෝ බොල්ග් එක නම්  වැඩ. එකට කොමෙන්ට් දන ඔගොල්ලන්ටත් ස්තුති මගේ හිතටත් මොකක්දෝ නිදහසක් තියෙනවා හිතේ තියෙන දේවල් පිට කර ගන්න පුළුවන් වෙන හින්ද, එත් පොඩි දුකකුත් තියෙනව මේ සමාජ ආකල්ප ගැන. අපේ සමාජයේ කොච්චර තාක්ෂණය දියුණු උනත් ඔප දුප හොයන පිරිමින්ගෙන් නම් අඩුවක් නැ හැ.  ගැහැණියට තියෙන්නේ තාම කුස්සිය කියන ආකල්පයේ ඉන්න මිනිස්සු එමටයි කිව්වොත් කොල්ලෝ නම් තරහ වෙයි එත් කෙල්ලොනම් මං කියන දේට එකග වෙයි. මොකක්ද එකට හේතුව කියන එක නම් තවමත් අපිට හිතෙන දේ කතා කරන්න බැහැ මිනිස්සු කියන්නේ අපෝ අරකිගේ කට අපෝ අරකි හැදීල ඉවරයි ඔය වගේ දාහක් දේවල්. අනේ මගේ කට ( කවද හරි කසාද බදින්න ඕනේ නිසා නොකියා ඉමි) මිනිසුනි ඔය කියන දේවල් අපි ඉගෙන ගත්තේ ඔගොල්ලන් ගෙන්ම තමා මොකෝ වෙන කාගෙන් ඉගෙන ගන්නද? හරි හරි මං වැඩිය මුකුත් කියන්නේ නැහැ. එකී මෙකි නොකී සියලු දෙනාට ස්තුති.  ඒවගේ මයි ඉදිරියටත් රැදි ඉන්න. දෙන්නම් කන පැලෙන්න ( මල්ලිගෙන් ඉගෙන ගතිමි).  

ඉතින් ඇත්ත කතා කරන, මගේ විදිහට ජිවත් වෙන, සල්ලි නැති උනත් බලු වැඩ නොකර පත්තරේට ලියල වෙබ් පිටුවක් හදල කියක් හරි හොයා ගන්න මං නරකලු. එතකොට නරක වැඩ කරන එඋන්ට මොනවා කියන්නද ?