Sunday, September 18, 2011

පිස්සු ප්‍රේමය

තෙරක්  නොපෙනෙන 
ඉමක්  නොදකින 
හීනයක්  ඔබ 
වෙන  කෙනෙක්  සතු  උන


රහසක්  නැතිවම
ඔබට  පෙම්  කර
දුක  උහුලන 
පිස්සු  කෙල්ල  මම


මුරණ්ඩුයි  මම
කටකාර  කිවිදිය 
පෙම්  කරන්නේ  කොහොමද  මට
කුණාටුව  වගේ  උනහම 


පෙම් හිතක් නොතේරෙන 
පෙම්වත් වෙන්න වත් නොදන්න
ඔබට පෙම් කරන්න 
පව් කරලා නැහැ මම

11 comments:

  1. "පෙම් හිතක් නොතේරෙන
    පෙම්වත් වෙන්න වත් නොදන්න
    ඔබට පෙම් කරන්න
    පව් කරලා නැහැ මම"

    අෆ්ෆා ළමය නුවනක්කාරයි.. නුවනක්කාර අය බොන්නෙම "රත්ති"

    ReplyDelete
  2. හි හි හි

    "ඔබට පෙම් කරන්න
    පව් කරලා නැහැ මම"

    නියම උත්තරේ නංගියෝ

    ReplyDelete
  3. මෙන්න ලොකු අක්ක කෙනෙක් ඇවිල්ල..

    ReplyDelete
  4. පෙම් කරන එක පවක් කියලා මම ඇහුවමයි. හික්ස් :)

    ReplyDelete
  5. @මධුරංග ඔව් වැරදි කෙනාට පෙම් කරාම එක පවක් වෙලා තම නවතින්නේ

    ReplyDelete
  6. හ්ම්...එකත් එහෙමද?

    ReplyDelete
  7. පෙම්වත් නොවෙන පෙම් හිතක් එක්ක
    ප්‍රේමයෙන් බැදෙන්න පව් කරලා නෑ නුඹ
    ඒ කියන්නේ නුඹ වාසනාවන්තයි
    පෙම්වත් පෙම් හිතක් ලබන්න....

    ReplyDelete
  8. එහෙමයි කියල කියමුකෝ..
    එක නෙමෙයි.. අදමයි.. මේ පැත්තේ.. අවේ..!

    ReplyDelete
  9. @දුශ් එහෙම තමා.
    එක නෙමේ ඔයාට තියෙන්නේ මගේ නම නේ

    ReplyDelete
  10. මම ඇවිල්ල දුශ්ශන්ත.. sorry වෙන්න ඕනේ.. මම දැක්කේ අදමයි ඔයාව.. අහිතක් හිතන්න එපා නොදැන කරපු වැරැද්දට..

    ReplyDelete
  11. මම ඇවිල්ල දුශ්ශන්ත.. මම දැක්කේ අදමයි ඔයාව.. අහිතක් හිතන්න එපා නොදැන කරපු වැරැද්දට.. sorry වෙන්න ඕනේ..

    ReplyDelete