Monday, August 15, 2011

කවද හරි උනුත් දුක් විදි.......

මං හිතුවේ ජිවත් වෙන්න
පාපතර ලෝකයට බරක් නොවී
මට ඕන උනේ මගේ කියල ලෝකයක් හදා ගන්න
අද මට මාවත් එපා
ඔබවත් එපා
හින කලා දාපු
මේ අසික්කිත කොළබ දාල
වෙන කියන ඕන මගුලකට ගිහින්
මට ඕනේ විදිහට
මගේ ජීවිතය ගෙනියන්න
හනමිටි අදහස් වලින් ඔලු ගෙඩි පුරෝගෙන ඉන්න
මගේ තාත්තේ මට ඉඩ දෙන්න
ඔබට මාව තව අවුරුදු ගානකින් සදහටම
නැති කර ගන්නවට වඩා
එක හොදයි කියල හිතෙන්නේ නැද්ද?
ආදරයක්  කියල දෙයක්
සෙනෙහසක් නැති ලෝකෙක
මොන අහවල් මගුලට
මට ගිහි ජිවිතයක් ගෙවන්න කියනවද
මට මිනිහෙක් ඕනේ නැහැ
මට කසාදයක් ඕනේ නැහැ
දරු මල්ලෝ හදල
මං විදින් දුක උන්ටත් දෙන්න ඕනේ නැහැ 
කවද හරි උනුත් දුක් විදි.......
මට වඩා.....

5 comments:

  1. සහතිකවම....

    ReplyDelete
  2. ඔය තරමටම ජිවිතේ කළ කිරිලද???

    ReplyDelete
  3. ජිවිතේ කියන්නේ කලකිරීමෙන් ගෙවන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට කලකිරෙන ගොඩක් දේවල් මේ ජීවිතේදී වෙන්න පුළුවන්. නමුත් අපි ජිවත් වෙන්න ඕන. ජිවිතේ සතුට දුක කියන හැම දේම ලං කරගන්න පුළුවන් අපිටමයි. අපි අමාරුවෙන් කොහොම හරි දුක් විදලා ජිවිතේ ඉදිරියට ඇදගත්තොත් ඉස්සරහ සතුටු වෙන්න පුළුවන් වෙයි කියල හිතන්න ඕන. අනික ප්‍රශ්න නැති කවුරුත් මේලෝකේ නැ. ඒවාට උත්තර හොයන එකයි ජිවිතේ කියන්නේ

    ReplyDelete
  4. මටත් ඔය කොළඹ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. හරිම කටුක ජීවිතයක් !!!
    ඒක නෙමේ අක්කා. එකපාරම කලකිරුනේ මොකෑ.

    ReplyDelete
  5. හිතවද ඕක කරන්න පුළුවන් කියලා

    ReplyDelete