Tuesday, August 16, 2011

අලුත් කතාවක්

දොළ පාර අද්දර
මං ඉන්නම් බලාන 
පෙම්වත් වෙන්න ඔය
ඇස් ලග
නෙත් අයාන ඉන්නම්
සෙනෙහසින් වැලද ගන්න
ඔය හිනාව
දිය පොදක් නැති
වැලි කතරට
මහා මුහුදක් වෙලා ඔබ
හිත අහස එලි කලා
පෙම් තරු එළියෙන් සදහට
සැනසෙන්නම් මම
ඔය දෙපා ලග
ජීවිතය පුරාවට
ඉරි තලා ගිය ඉඩෝරයට
මල් හිනා ගෙනත් දුන්නට

11 comments:

  1. ලස්සනයි !!!!
    එහෙම ආදරෙන් ඉන්නවනම් කොච්චර ෂෝක් ද !!!!

    ReplyDelete
  2. දොල පාර අද්දර
    නුඹ හිඳිනු මැන මග බලාන
    සඳ එළිය ඇවිදින්
    සිප ගන්න මොහොතකට පෙර නුඹේ වත..
    සත්තමයි
    මා විගස එමි
    ඉරී තැලී ගිය රළු පොළව මතට
    රැගෙන සුන්දර වසන්තය

    පළවෙනි පාරට මේ බ්ලොග් එක දැක්කේ.. ලස්සනයි නිර්මාණය......

    ReplyDelete
  3. @Pasan ලස්සනයි කවිය ... ඔයාගේ බ්ලොග් ඒක ෆලෝ කරන්න බැහැ නේ ඇයි ඒ?

    ReplyDelete
  4. @මධුරංග එහෙම ඉන්න කෙනෙක් හොයා ගන්න වෙනවා

    ReplyDelete
  5. Anonymous8/16/2011

    මං මේ බ්ලොග් එකට ආවේ පළමු වතාව ට. ලස්සනට ලියලා තියෙනවා........
    ඔබට ජය!!!

    ReplyDelete
  6. ගොඩක් ස්තුති "මහි" ලස්සන නමක්

    ReplyDelete
  7. පොඩි අයිඩියා එකක්. ඔය නිසඳස ෆොටෝ ෂොප් පාරක් දාල අර උඩ තියෙන පින්තුරේට එබ්බුව නං ඉෆෙක්ට් එක තවත් වැඩියි.

    ReplyDelete
  8. ලස්සනයි නිර්මාණය....ලස්සනට ලියලා තියෙනවා,, සුබපැතුම්

    ReplyDelete
  9. එකම කතාවද මන්දා....

    ReplyDelete
  10. me post eke thiyena ewa aeththatama liwwe meka post karapu kenamada? meka FB eke wena kenek danawa eyage kiyala... mail me ranga.sudaraka@gmail.com

    ReplyDelete