Thursday, August 18, 2011

මට තේරෙන්නේ නැහැ

ජීවතේ නැවතු තැනින්
පටන් ගන්න ආයෙත්
නෙත් අයාන ඉන්න කොට
ඔබ ඇවිත් කියා දෙන්න හදන
පෙම් කතාව නොතේරෙනවා
නෙමෙයි
එත් මට තවත් අඩන්න
කදුළු නැහැ
හිනා වලට ඉඩක් නැහැ 
ඔබට ජිවිතයක් දෙන්න
මට අයිති දෙයක්  නැහැ

6 comments:

  1. ඒ කියන්නේ කලින් කතාව කදුලෙන් ලියවෙච්ච කඳුලු කතාවක්ද !!!
    එතකොට ඔයැයි ආදරේ කරන්නෙම නැද්ද.

    ReplyDelete
  2. @මධුරංග අනේ මන්ද එහෙම කිසිම හැගීමක් දැනෙන්නේ නැහැ

    ReplyDelete
  3. කාලයා හැම දේම හොදට විසදයි. එතකන් ජිවිතයට ඉඩ දෙන්න

    ReplyDelete
  4. ආදරය යනු
    දසත හමා යන පවනැල්ලකි..
    විටක සිසිලසද විටක රළු වියළි සුලගක් ලෙසද
    අප ගත හා ගැටෙනු ඇත..
    දිනක් පිබිදී බලන්න..
    වියළි හෝ රළු වුවද
    වසන්තය රැගෙන එනු ඇත.....
    අවැසි වන්නේ
    සුලග සුලගක් ලෙස පිළිගැනීමය.........

    ReplyDelete
  5. ඇයි ඔයාම කියන්නේ ජිවිතේ පටන් ගන්න නෙත් අයන ඉන්නවා කියල
    ඇයි එහෙනම් ඔයා ජිවිතේ පටන් ගන්නේ නැත්තේ
    හැම කතාවක්ම කදුලින් අවසන් වෙයි කියල හිතන්න එපා
    ආපහු ජිවිතේ පටන් ගන්න කල්පනාවෙන් වගේම පරිස්සමෙන් ....

    ReplyDelete
  6. ආදරය හැම දාම කන්නේ ඕක වෙන්න ඇති නේ ද .... :))))))

    ReplyDelete