Wednesday, September 7, 2011

අතීත ප්‍රේමය

අමුත්තන් වෙමු අපි
ලෝකයක් අභියස
කිසි දැක මුණ නොගැසුන
දෙනෙත් සගවා ගමු
පෙම්වත් වූ පෙර දාක
ප්‍රේමය මුලා කරන්නට
හිනාවක් පා අමතක කරලන්න
ඔය නිල දැස් පෙම්වත් උනා වැඩි පෙර දාක
ගොළුවත රකිනු මිස
වදනක් තෙපලන්නේ කෙලෙස

4 comments:

  1. අතීත ප්‍රේමයේ හරි අපූරු මතකයක්...

    ReplyDelete
  2. බීලා හිතන්න ඕනෙ පුරස්නයක් :D

    ReplyDelete
  3. අමුත්තන් උනත් අප
    ලෝකයා ඉදිරි පිට
    අමුත්තන් නොවෙමු අප
    අපේ හද වත් වලට
    ලෝකයෙන් වසන් කොට
    ඇස් වලින් ඔබ කීව
    සෙනෙහසේ අතීතය
    හිතේ ඇත සදහටම ................

    ReplyDelete
  4. මුකුත් කියන්න එපා. මුනිවත හොදයි.

    ReplyDelete