Thursday, September 15, 2011

වදින තැනකට වදින්න

මිනිස්සු මහා පුදුම ජාතියක් ඒ වගේම තමා ඉතින් අපි කවුරුත් දන්නවනේ අපි පැවත එන්නේ වානර පරම් පරාවෙන් කියල ඔහොම ඇවිත් මොලේ දියුණු උනාට මොකද සමහර වෙලේට කරන්නේ නම් මහා වානර වැඩ. ඔන්න මේ ලගකදී ඉදන් මටත් මේ වනර රංචුවෙන් එලියට ආපු මිනිස්  වදුරෙක් හම්බ උනා. මොකද මං මිනිස් වදුරෙක් කියල කියන්නේ එහෙම අයගේ කොන්ද තාම නැවිල තියෙන නිසා ඕක කෙලින් නැහැ. සදාචාරයක් නැහැ, කතා බහ කරන්න දන්නේ නැහැ ඔය වගේ දේවල් නිසා. තව වදුරු ගතියක් තමා අනිත් එකා කරන එක ඉවසන්නේ නැහැ. සමහර ගති නම් ඉතින් ඔය ගැහැනු ළමයි ලගින් යන ඒවා. ඒවා නම් මං කියන්න යන්නේ නැහැ ඔං. ඔය වගේ වදුරෙක් ඇවිත් මේ අපිට පොඩි මානසික රෝගයක් තියෙනවා කියල මගේ බ්ලොග් එකේ ලියල ගියාට මං ලියන එක නවත්තන්නවත් කියන එක නවත්තන් නැවත බැරි වෙයි මොකද උට තියෙන්නේ බාගෙට හැදිච්ච මොලයක් කියල මං දන්න හින්ද. තවත් දෙයක් තමා අනුන්ට ගහන ගල් තමන්ට වැදෙනවා කියල සමහර වදුරෝ දන්නේ නැති නිසා. අහල ඇතිනේ  "බල්ලොනම් කොපමණ බිරුවත් කදු නම් පහත් නොවේ" කියල කියනවානේ මං බ්ලොග් කලාවට අලුත් උනාට මේ ජංජාලයට නම් අලුත් නෙමේ ඒ වගේම තමා ඔය වානර ජාතිය නම් කොහෙත් හම්බ වෙන එකනේ ඉතින් ඔය පාර තොටේදී එකී මෙකි නොකී හැම තැන දීම හම්බ වෙන වානරයන් ගැන හොයන්න ඒගොල්ලෝ කරන දේවල් බලන්න ගියොත් අපේ වැඩක් කර ගන්න බැරි වෙන හින්ද ත් මං ඉතින් ඔය බයිස්කොප්ප බලල හිනාවෙන පහත් මානසිකත්වයකත් නැති හින්ද එහෙම අයට අමාරු ඇති.  තව දෙයක් මං අහල තියෙන්නේ නම් අපි අකමැති අය ගැන හොයන්න යන්නේ මොකටද කියල එත් ඉතින් අර හැම එකටම හොට දාන කොට්ටෝරුව වගේ හොට  නොදා ඉන්න බැරි අයත් ඉන්නවනේ. ඔහොම හොට දාන්න යන්න එපා මොකද කෙහෙල් ගහකට කොටන්න ගිහින් අමාරුවේ වැටෙන දවසක් එනකන් ඉන්න ඕනේ නැහැනේ. මගේ උද්දච්චකම උහුලා ගන්න බැරි කවුරු හරි කෙනෙක් මගේ බ්ලොග් එකේ, ට්විටරේ එකේ හරි මුණු පොතේ හරි ඉන්නවා නම් කාරුණිකව අයින් වෙන්න කියල ඉල්ලා සිටිනවා මොකද මට ඕකෙන් කිසිම පාඩුවක් නොවෙන හින්ද. කියන්න දේවල් කොච්චර තිබ්බත් ලියන්නේ නැත්තේ අනවශ්‍යයි කියල හිතෙන හින්ද. අනික ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ප්‍රසිද්ද සමාජයේ  ළදරුවන් වගේ වැඩ කරන්න එපා කියන එක විතරයි. (මේක තර්ජනයක් නොවේ).
ඔබ සැමට ජය.

10 comments:

  1. well said !
    keep it up

    ReplyDelete
  2. එළකිරි පොස්ට් එක ගහන එක කණ පැලෙන්නම දීල තියෙනව. බල්ලොන්ට බුරන්න දෙන්න නන්ගි.
    අෆ්ෆ දැන් ඉතින් කොහොමද මේ දරුවගෙ ට්විට් වලට ඇවිස්සෙන සුලු රිප්ලයි දාන්නෙ.. :( ..

    ReplyDelete
  3. සහතික ඇත්ත..කො ගනින් ඔය මසුරන් කාසියක් මේ කෙල්ලගෙ කටෙ දාන්න..
    මම නම් එදත් අදත් අනුගමනය කරන පිලිවෙල කමෙන්ට් මොඩරෙශන් ඇක්ටිව් කිරිම සහ අනවශ්‍ය මානසික රොගින්ට උත්තර දීමෙන් වැලකීම

    ReplyDelete
  4. @NdShn Mdn : හික් හික් එක නම් ඇත්ත

    ReplyDelete
  5. කොහොමත් මේ ඉන්ටර්නෙට් එකේ මානසික ලෙඩ්ඩු වැඩියිනේ නංගි ඒ නිසා ඔව්වා ගනන් ගන්ට එපා "අපේ ගමන අපි යනවා අපේ යනවා අපේ පාඩුවේ කියලා හිතාගෙන වැඩ කරන්න"

    ජය වේවා

    ReplyDelete
  6. හානේ අද ඔයාටත් උනාද මට ඕක වෙලා ගොඩක් කල්...

    ReplyDelete
  7. පල ඇති රුකටලුනෙ ඉතින් ගල් ගහන්නෙ :D :D

    ReplyDelete
  8. එලටම ලියලා තියෙන්නේ. අඩුම තරමේ මේක බලලවත් හැදෙන්න පුලුවන් නම්.....

    ReplyDelete
  9. වදින තැනට වදින්න ඇති හෙණ ගැහුවා වගේ...

    ReplyDelete
  10. එල පොස්ට් එක. ඔය කොට්ටෝරුවා කවද හරි කෙහෙල් ගහටත් කොටයි

    ReplyDelete