Monday, September 26, 2011

අපිට වැරදුනේ කොතනද ?

ඔබේ ඉරිතලා ගිය ආත්මය
මගේ විසිරිලා ගිය ජීවිතය තරමටම
නොවටිනවා කියල දන්නා අය
ඉන්නවා කියල මට හිතෙන්නේ නෑ
අපිට අපි නැති උනේ කවද්ද කියලවත්

මට වත් ඔය ආත්මයටවත් මතක නෑ
ආයෙත් හැරෙන්න බැරි ජිවතයට
පණ දෙන්නේ අඩන්න
කදුළු නැති නිසාද
නොකී කතා දහසක් තියාගෙන

දෙනෙත් දිලිසෙන කොට
ඔය හිතේ දුක් ගිය කියවන්න
එකම එක හදවතක් වත් ලග තියා ගන්න

8 comments:

  1. අපිට අපි නැති උනේ කවද්ද කියලවත්
    මට වත් ඔය ආත්මයටවත් මතක නෑ

    හ්ම්ම්ම්ම්ම්ම් මම ආසම මේ කොටසට

    ReplyDelete
  2. අලේ මම නම් දෙන්නේ නෑ ඕං ......:P

    ReplyDelete
  3. ඔය හිතේ දුක් ගිය කියවන්න
    එකම එක හදවතක් වත් ලග තියා ගන්න

    meya thama ipadila netha.. ipadenakan bala siti..

    ReplyDelete
  4. "අපිට අපි නැති උනේ කවද්ද කියලවත්
    මට වත් ඔය ආත්මයටවත් මතක නෑ "

    පපුව පිච්චිලා ගියා :(

    ReplyDelete
  5. සංවේදි කවියක්.. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...

    ReplyDelete
  6. දුක හිතෙන කතාවක්....
    මොකෝ ඩුශ් ආදරයේ දුක පැත්තම ලියන්නේ. ඔයාට ආදරයෙන් ලැබුනේ දුක විතරමද.

    ReplyDelete
  7. කවියක් ලියන්න ආසයි..ඒත් කම්මැලියි වගේ....( ඇත්තටම දුක යි )

    ReplyDelete