Thursday, September 29, 2011

කෝප්පේ කාසියක් ලයන්ට මඩ පාරක්


හරි අඩන කතා  ලියල ලියල මට හිතුන පොඩි හිනාවක් යන කතාවක් ලියන්න. හිනාවක් ගියේ නැත්තම් කුචි කවා ගන්න. හොදේ. මේක ඉතින් මඩ පාරක් නෙමේ.  මේ ලගදි තිබ්බ බුක් ෆෙයාර් එකේ විච්ච දෙයක්.

බොල්ග් ලිවීමට පමණක් නෙමේ කරලියට ආපු අලුත් එක්කෙනෙක් හින්ද ඉතින් මටත් ලොකු ආසාවක් තිබ්බ මේ කස්ටියව හම්බ වෙන්න ඔන්න ඔහොම ඉදල ඉදල ට්විටරේ සෙට් වෙච්ච ශානි  කිව්වා බුක් ෆෙයාර් යනවා කියල ඉතින් එයාට මාත් සෙට් වෙන්න නම්බර් ඉල්ලගෙන මගේ තියෙන ඔලුවේ අමාරුවට කොල්ලුපිටියේ ඉදල ගිය බස් එකක් ගන්න කියල තර්ස්ටන් එක ගාවට පයින් ගියා. ඔය අහුමුලු පාරවල් වලින් තනියෙන් යනකොට හිතන්න දේවලුත් තියෙනවනේ.  ගිහින් බස් එකක් එනකන් ඉන්නකොට මගුලක් තමා බස් වල සෙනග කොච්චරද කිව්වොත් නගින්න බයේ බෑ. අනික ලදී හා හා පුර කියල ෆෝන් කබලක් ගත්ත ඕකට විද්දොත් එහෙම ගෙදර ගිහිල්ලත් හමාරයි. ඉතින් හිතට හයිය අරගෙන පයින්ම එකට ගියා කියමුකෝ BMICHඑකට.

මගේ සද්දන්ත උසත් එක්ක ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු  කන්න වගේ බලන් ඉන්නවා. සාටර් වැඩේ කියන්නේ මිනිස්සු මගේ දිහා අමුතුවට බලන එක. ඒක ඉතින් මගේ වරදක් නෙමේ ඔං. අනිත් එවුන් ඔක්කොම මේකට එන්නේ සෙට් පිටින්, බුරුතු පිටින්, නැතත් ඔය අතෙයි ඇගෙයි අරෙහෙයි මෙහෙයි එල්ලිලානේ හරියට එහෙම ඒවා දැකල මං දිහා බලන්නේ මං නිකන් පිට සක්වලින් ඇවිත් වගේ. අනික ඉතින්  තනි අලියෙක් පාරට අවහම කොහොමත් කට්ටිය බයයිනෙ. කෙසේ හෝ වේවා වටේ යනෝ වැඩිද මන්ද. අන්තිමේදී මහා දුරකථන අරගලෙකින් පස්සේ කස්ටිය හොයාගෙන පොඩ්ඩක් අරෙහෙට මෙහෙට වේවි හිටිය. ඔතන ගීතිකා, නාග, ශානි , ලයන් තමා හිටිට්යේ පයිනුත් ආපු නිසා මට පට්ට බඩගින්නක් ආවා ඉතින් අහුලා ගත්ත සල්ලි වලින් මායි ශානි ගීයා කියමුකෝ කන්න බොන්න ගෙන්න. හැබැයි ඉතින් අත් හතරයි තියෙන්නේ පස් දෙනෙක්ට කන්න ගෙන්න. ඔන්න බිම හතරක් අරගෙන එනකොට තමා මට හිතුනේ මොනවා හරි කන්න ඕනේ කියල දෙන්නත් එක්ක රිංගුවා  මැගී අක්කගේ කඩේට එතන හිටපු අයට මල් පාරක් දාල ඔන්න සල්ලි ටික දෙන්න හදද්දී ශනි ගේ සාක්කුවෙන් ඇදල වැටුනේ නැතැ රුපියලේ කාසියක් ඔය බිම එකකට. හරි වැඩේ දෙන්නටම කට උත්තර නෑ. අනික සල්ලි තිබ්බෙත් ගානට. කොහොම හිත හදා ගෙන ඕක විසි කරන්නද අප්පා එක උගුරක් වත් නොබී. අත දාල ගන්නත් බෑ. ඉතින් ඕන එකක් කියල දෙන්නත් එක්ක කතා කර ගත්ත ඔය බිම එක කොල්ලෙක්ට දෙමු කියල. ඔන්න ශානි බිම ටික බෙදුවත් අන්තිම වෙනකන් කවුරුත් කිව්වේ නම් නෑ මෙහෙම දෙයක් වුණා කියල  කවුරුත් නොදන්නා තාලෙට ඉන්න කොට  මෙන්න මේ කෝප්ප ටික එකතු කරපු  නගා කියපි මෙන්න ලයන්ගේ කෝප්පේ රුපියලේ කාසියක් කියල මට කෙන්ලින්ම බැලුනේ ශානි දිහා දෙන්නට නම් හොදටම හිනා ඒ මදිවට හිටපු කස්ටිය මේ බිම ගත්ත තැනට ගිහින් පොඩි සද්දයක් දාන්න ලැස්තිය කෙසේ හෝ වේවා ඉතින් ඔය සද්ද දාන ලයන් ලත් කෙල්ලොන් ගේ වැඩ වලට අහුවෙනවා කියල තමා අවසානේ කියන්න තියෙන්නේ


(ප. ලි. ඔන්න මේ ලයන් ඉතින් මේකෙන් පස්සේ මට මඩ ගහනවා කියල මං දන්නෝ අපි සැලේ ඕවට)

16 comments:

  1. අපි සැලෙයි ඔව්වට නැද්ද දුෂ් කොහොමෙන් කොහොමෙන් හරි ලයන්ගේ කටින් රුපියලක් බීම කෝප්පෙට වැටිලාලු :P

    ReplyDelete
  2. කොල්ලුපිටියෙ ඉඳන් BMICH එකට පයින් ගියා??? වැඩිය අව්වෙ හිටියම ඔහොම වෙනව! :D

    ReplyDelete
  3. පිට සක්වලින් ආව වගේ... ලොල්
    තනි අලියට බයයි... ලොල්

    පිස්සෙක් පාරෙ යද්දි මිනිස්සු බලනව තමයි.. වෙලාවට බලු වැන් එකක් ඒ පැත්තෙ ගිහිල්ල නැත්තෙ...

    ReplyDelete
  4. පවු නේද ඒ කොල්ලා. කෙල්ලොත් එක්ක යන්නේ නැතුව අපිත් එක්ක ලයන් ආවා නම් හරිනේ බං.

    ReplyDelete
  5. අනිච්චේ දුක්කේ.. සිංහයා ආපහු කැලේටම යයි වගේ.. :D

    ReplyDelete
  6. හෑ ලයනා පිං කැටයක් විදියට පාට් ටයිම් ජොබක්වත් කරනවයෑ? :D :D
    ඕකා අහුවෙයංකො බං එකේ :P

    ReplyDelete
  7. ගීතිකා කවුද ?

    ReplyDelete
  8. අපි මේවට සැලෙනවද.මගේ රිටන් එක මග එනවා ඒකෙන් පස්සේ හිතෙයි වහකෑවනම් මීට හොඳයි කියලා .............:P

    ReplyDelete
  9. මං වෙලාවට මාරු උනේ...:D

    ReplyDelete
  10. හෙහ් හෙහ්.. අයියෝ සල්ලි !

    ReplyDelete
  11. ලයන්ගේ රිටන් එකනම් කුජීතය. හරිම බොලඳ රිටන් එකකි

    ReplyDelete
  12. මැගී සානු ක‍ලොත් ඉතින් ඕම වැඩක්මයි!

    ReplyDelete
  13. ආන්න ඒකට අපි ගිය ආකාරය ඔය ප්‍රදර්ශනේට . . . . දැහැමින් සෙමින් . . . . බොරු නං වෙනී ගෙ බ්ලොග පැත්තෙ ගිහිං බලන්න

    ReplyDelete
  14. අනිවා ඕනෙ. මගේ ඇඳුමම කොහොමද? ටයි කෝට් ඔක්කොම දාලනෙ ආවෙ (වෙනි අය්ය කිවුව විදියට මම විතර ලස්සනට ඇඳල චීෆ් ගෙස්ට් වත් ආවෙ නැහැලු)

    ReplyDelete
  15. පස්සේ රුපියලේ කාසිය ගත්තේ නැතෙයි

    ReplyDelete
  16. අයියෝ සල්ලි

    ReplyDelete