Monday, September 12, 2011

නිල් දැසකට පෙම් කලෙමි (to my Bendrix)

එරබදු මල් පිපුන සමයක
හමුනා ඔබ දුම්රියක් තුල
දහසක් සෙනග මැද
දුටුව ඔය නිල දැස රැගෙන ගියා මගේ හිත
සත් සමුදුරෙන් එතෙරට.
රන් තරු පායපු රෑක
පෙම් බස් දෙඩුවා මතකයි මහා සමුදුර ලග
ඉන බැදී ඔසරියට පෙම් කල
ඔබේ දෙතොලග රැදී හිනහව මම විය
මං මවාත් වල අතරමං උන
මගේ පුංචි දෙපා රිදෙනවිට
නුග රුකක් විය නුබේ නොසිදෙන ආදරය
සත් සයුරෙන් වෙන් වුනත් අප
පිටරැටිය ඔබට පෙම් කරමි
කෙදිනක හෝ අපේ ලොවක තනි වන්නට හින මවා ගෙන

2 comments:

  1. ලංව පෙම් කල පෙම් හිත් අද
    තනිව මහා සමුදුරෙන් දුර ඇත
    නමුදු ආදරේ තවම ඒ ලෙසම
    හිත රැදුන සොදුරු මොහොතවල් ලග...

    ReplyDelete
  2. මේන් මෙයා පිටරට කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්. හොදා හොදා.

    ReplyDelete