Tuesday, August 2, 2011

ඔබ පැන ගොස්

කවියක් ලීවෙමි කල් යල් බලලා
ඔබට හිතේ තිබු ආදරේ කියලා
කවුදෝ ඇවිදින් දොර තඩි  බාලා
කීවා ඔබ පැන ගොස් කියලා

සුසුමක් පිට උනි සිනහව පාලා 
කවුදෝ ඒ ඔබ හා ගිය සෝමා
ඔබ හා යන්නට දීගෙක එතිලා
ඒකිට නම් පිස්සුද මන්දා

අවුරුද්දක් දෙකකුත් පසු වීලා
සෝමා නම් නැහැ බඩ වීලා
කියන්න ඇති මුත් දහසක් රැදීල
මොහොතක් හෝ පෙම් කල හිත ගොළු වීලා

6 comments:

  1. කියන්න ඇති මුත් දහසක් දේ රැදීලා
    මොහොතක් මේ හිත ඇත ගොළු වීලා

    ReplyDelete
  2. දුශ් කවි ලියන බව මම දැනගෙන උන්නෙ නෑ නෙ... ආහ්හ්...කියන්න අමතක වුණා... මම ඔයාව පොඩි කාලෙ සිටම දන්න කෙනෙක්ලු... :D (අඳුනගත්තොත් නම් ගම් කියන්ඩ එපෝ...)
    එහෙනම් ඔන්න අපේ දිහාත් එන්න...

    මකුළු පැංචිගේ වියමන

    ඒ වගේම දුශ් වර්ඩ් වේරිෆිකේශන් අයින් කරනව නම් තමා හොඳ..ඒක කොමෙන්ට් කරන්න පහසුවක්.. :)

    ReplyDelete
  3. ලස්සන පද පෙළක්..

    ReplyDelete
  4. ඔන්න මට නම් මුකුත් කියන්න නෑ. ලස්සන පද ගෙතුමක් !!!!
    ඒකිට නම් පිස්සු වෙන්ටෑ !!! හික්ස් :)

    ReplyDelete
  5. @චතුමිතු : ගොඩක් ස්තුති

    @මකුළු පැංචි :එහෙනම් දැන් දන්නවනේ කොහොමත් ඒකාලේ කවි කෙසේ වෙතත් වෙන වේදනේ

    @චතුර : ගොඩක් ස්තුති

    මධුරංග :මන් හිතන්න මටත් පිස්සු

    ReplyDelete
  6. අහම්බෙන් දැක්කෙ බ්ලොග් එක. අදයි දන්නෙ බ්ලොග් ලියන බව. කවි කාරියක් එහෙනම් ! මං හිතන්නෙ මං අඳුනන කෙනෙක්

    ReplyDelete